My Son

මහමුහුද අඬනවා එදා වගේම.... 


ඇය බලා ඉන්නවා මුහුද දිහා... 

මුලු ජීවිතේම දුන්නෙත් ... හැමදේම ආපහු උදුරගත්තෙත් මේ මහ මුහුදම නේද.... 
ඒත් කොහොමද මුහුද එක්ක තරහ වෙන්නේ.... 
ඇගේ මතකය අවුරුදු දාහතරක් අතීතෙට යනවා....
දෙදාස් හතර...

පස් හැවිරිදි පුංචි පුතාවත් අතින් ඇදගෙන ඇය පොත් සාප්පුවෙන් එලියට ආවෙ ගමට යන බස් එක අල්ල ගන්න.... 
උදේ නමයෙ බස් එක අල්ල ගත්තොත් දහය වෙද්දි ගෙදර ගියෑකි... අම්මේ පොත් කඩවල සෙනඟ...
ලබන අවුරුද්දෙ ඉස්සෙල්ලම ඉස්කෝලෙ යන පුංචි පුතාට පොත් පැන්සල් අඩුම කුඩුම ගන්න ඇය පාන්දරින්ම ගාල්ලට ආව.... 
ඉස්කෝල පොත් ගන්න කාලෙ හින්ඳ පොත් කඩවල් උදේ හත වෙද්දි ඇරල.... 
පොඩි එකාට හරි සතුටුයි....
මූදු ගිය ලමයින්නෙ තාත්තා ගෙදර ඒවි අපි යන්න කලින්... ඇය තනියම හිතුවා... 
ලා නිල් පාට පොත් බෑග්ගෙක පොඩි එකා දැන්මම එල්ලගෙන පිටේ... හරි උජාරුවෙන් උඩ පැන පැන එන්නෙ.... 
ජනවාරියෙ ඉස්කෝලෙ යනව කිව්වම කොල්ලා ඉන්නෙ හරි ආසාවෙන්... 
පොඩි එකා කිරිදත් පෙන්නලා හිනා උනා.... 
උපන්දා ඉඳන් තමන් ලඟම හිටපු පුංචි පුතා.... ඉස්කෝලෙ ගියාම මම තනියෙන් පාලුවෙන් ඉන්නෙ කෝමද... උදේ වරුවෙ.... 
ඇයට පුංචි සාංකාවක්.... 
හ්ම්...


කමක් නෑ... උදේ වරුව විතරනේ... 
එකෙන් දෙකට... දෙකෙන් තුනට... ඊට පස්සෙ පහේ ශිෂ්‍යත්වෙ.... 
ඊට පස්සෙ ටවුමෙ ලොකු ඉස්කෝලෙකට දැම්මැකි... 
ඉක්මනට කල් ගෙවෙයි.... සාමාන්‍ය පෙල උසස් පෙල ..... පොඩි එකා කැම්පස් යයි... 
මගේ කොල්ල ලොකු වෙලා දොස්තර කෙනෙක් වෙයි.... 
ගමේ එවුන් සේරම ඉරිසියා වෙයි මගෙත් එක්ක... 
ඇගේ මූණෙ පුන්චි හිනාවක්.... 
පුන්චි පුතා අතේ එල්ලීගෙන උඩ පැන පැන එනවා....
පුතා කැම්පස් යද්දි කරාපිටියේ එකට යන්න කියන්න ඕන... ඔය කොළඹ රටේ යවල කොහොමද.... අපි පාලුවෙන් ඉන්නෙ.... 
කොල්ල ගනී රතුපාට කාරෙකක්...


"අම්මේ මට මුරුක්කු ඕන..." පොඩි එකා අතින් ඇද්ද... 
ඇය පියවි සිහියට ආව හීන මාලිගාවෙන් බැහැල...


ඈත ඔරලෝසු කණුවෙ වෙලාව හරියටම නමයයි.... ඇය දැක්ක... 
බස් එක මඟඇරෙයිද... 
කමක් නෑ.... පුතාට බැහැයි කියන්න කෝමද....
මුරුක්කු එක්ක බූන්දි මල්ලක්කුත් අරන් ඉක්මනට බස්ටෑන්ඩ් එකට ආවත් නමයෙ බස්සෙක ගිහින්... 
දැන් ඉතින් ඉඳපන්කො නමයයි හතලිහෙ බස්සෙක එනකන්... 
ඇය පොඩි එකා දිහා බැලුවා.... 
හුරතල් හිනාව...සුන්දර ලෝකෙ..... 
ඇය නැවතත් සිහින මාලිගාව පාමුල.... 
ඒත්.... 
රැල්ල ඇවිත් ඒ සිහින මාලිගාව..... 
හ්ම්....


මුහුදු රළ වියරුවෙන් නැගිට්ටා
මහ දුරක් ගොඩබිමේ ඇවිද්දා
වැල්ලෙ තැන තැන නටපු මගෙ මාළු පැටියාව
මහ මුහුද මට හොරෙන් ගෙනිච්චා.....

දිය වැලට අසුවෙලා කළු ගලක වැදුණාද
මයෙ රත්තරන් පුතේ හොඳටෝම රිදුණාද
මුහුදු පතුළේ අපව හැම තැනම සෙව්වාද
මාළුවන් වටවෙලා නුඹ එක්ක හැඬුවාද
නුඹ එක්ක හැඬුවාද

මහ මුහුදු එක්කමයි තරහවක් නෑ සිතේ
වෙරළ ගැන දන්නෙ නැති මාළුවන් නෑ පුතේ
මාත් වැල්ලෙම වැටී සොයනවා දස අතේ
කොහොම හරි පීනලා එල්ලියන් මයෙ අතේ....
එල්ලියන් මයෙ අතේ....
ඇය අතීතෙන් මිදිලා වර්තමානෙට ආවා... අල්ලපු ගෙදර කෙල්ලගෙ සද්දෙට... 

"නැන්දේ... පන්සලේ පින්කමට යන්නෙ නැද්ද...හරියටම නමයයි විස්සට පටන්ගන්නවා කිව්වා
...  මම මේ එහෙ යන්න ලේස්ති වෙලා පාරට බැස්සෙ...." 
ඇයට හීල්ලුනා... මගේ පොඩි එකත් හිටියනම් මේ වයසෙමයි... අවුරුදු දහනමයක ඉලංදාරියෙක්..... හ්ම්....

We Are What We Are.....



මොන මගුලක්ද?
මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..
අද පංතිත් නෑ..
මොකටද උදෙන් නැගිටින්නෙ..
ඔබ එන්න සුළඟේ දැවටිලා මම ඉන්නෙ ඔබ දැන් එයි කියා
ඒ පාර කෝල් එකක්..
පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..
මම මිස් කෝල් ගහන එකාගේ
දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැලුවා.
අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.
මම මතක් කරල තියෙන්නෙ
මගේ ආදරණීය නැන්දම්මයි මාමණ්ඩියයිනෙ..
මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..
හරිනෙ බොලේ දැං මතක් උනේ..
අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.
පරක්කු වුණොත් වසල හමාරයි..
මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව..
අම්මේ..අම්මේ නැගිටින්න..
මට අද පංති.
උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව..
මූන කට සෝදන් ලෑස්ති වෙලා
අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක
බත් ටිකක් ගිල්ල ටක් ගාල..
හවස් වෙනවද පුතේ එනකොට ?
ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙ
එහෙනම් ඉන්න පුතේ.
මං ටක් ගාල තව එළවලුවක් රත් කරල
දවල්ට කන්න බත් එකක් බඳින්නම්..
ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල
මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා..
කීක් කීක් කීක් කීක්
patio,api ada lunch eka florance cafe 1n ganimu..
welawata anna.nathnam mm yanawa..
#ummmmmmma.
හරිනෙ ඉතිං.
අදත් අම්මගෙ බත් එක විසි කරන්න තමයි වෙන්නෙ..
දවල් කෑමටත් සුපිරි වියදමක් යාවි..
මං හැදුවෙ අද කෙල්ලත් එක්ක ෆිල්ම් එක බලන්න.
නැහෙම වුණොත් සල්ලි මදි වෙනවනෙ..
අම්මේ අද පංතියට සල්ලි ඕන..
තුන්වෙනි සතියනෙ.
කාඩ් ගන්නෙ නැතුව ඇතුලට යන්න දෙන්නෙ නෑ
සල්ලි නෑ පුතේ..
හෙට පොලේ යන්න රුපියල් 1000 ක් ඇති.
එහෙනම් ඒකවත් ගෙනියන්න.
මොනව කරන්නද ?
හ්ම්ම්ම් එහෙනම් ඒකත් හරි
මම ආපහු ලෑස්ති වෙන්න කාමරේට ආව..
හෙයා ක්‍රීම් ටිකක් ගාල කොන්ඩෙ කෙලින් කරා..
කෝ මේ සෙන්ට් බෝතලේ ?
කෙල්ල පපුවට තුරුල් වෙලා ෆිල්ම් එක බලද්දි
ගඳ ගැහුවොත් හද්ද නෝන්ඩියනෙ..
මම කණ්නාඩියෙන් පේන මගේ ප්‍රතිබිම්බය දිහා බලං
මහ වනචර හිනාවක් දැම්ම..
අනිත් උන් කෑලි එක්ක රූම් ගානෙ යනව නම්
මම ෆිල්ම් එකක් බැළුවම මොකද?
මම මූණ එක එක විදියට හැදුව කණ්නාඩියෙන් බලං..
මම කණ්නාඩියෙ මට විරිත්තුවඌත් මට විරිත්තුව..
මම එරෙව්ව..
ඒත් මූ විරිත්තන්ම ඉන්නව..
මොකක් ?
මම දිව ඇද්දා.
ඒත් කණ්නාඩියෙ මම ඉස්සෙල්ල විදියටම විරිත්තන් ඉන්නව..
මොකද උඹ මට විරිත්තන්නෙ ?
මම කණ්න්නඩියෙ ඉන්න මගෙන් ඇහුව..
නෑ.. මට උඹ දැක්කම හිනා ගියා
ඒ මොකද උඹ මට හිනා වෙන්නෙ ?
ගහනව මූසලය කුඩු වෙන්න..
මගේ කෙල්ලගෙන් අහපන් මම කවුද කියල
ඔය පිරිමි අවයවේ තිබුන කියල උඹ මිනිහෙක් වෙන්නෙ නෑ මොකක්ද උඹ කියන්න හදන්නෙ ?
බණක් නම් සොරිම තමයි.
මට ඕවට වෙලා නෑ.
මං එනකම් කෙල්ල බලං ඉන්නව ඉතිං පලයං..
හැබැයි යන්න කලින් මෙකත් අහපං..
උඹ අර අහිංසක අම්මට බොරු කරනවට උඹට හෙන ගහනව..
ඒ මනුස්සය හිතන් ඉන්නෙ උඹ පංති ගිහින්
හොඳට ඉගෙන ගන්නව ඇති කියල..
තමන්ගෙ දරුව මහන්සි වෙලා පවුල ගොඩ දාවි කියල.
ඒත් උඹ උඹේ පවුල එක්ක ෆන් ගන්න යනව.
කවද හරි තේරෙයි උඹට.
ඒත් එදාට අර අහිංසක අම්ම විඳවල මැරෙයි
උඹ වගේ කාලකණ්නියෙක් බිහි කරපු වරදට..
ලැජ්ජ නැද්ද මිනිහෝ,
ගෙදර උන් කිරි හොද්දයි බතුයි කනකොට
උඹ කොහෙවත් ඉන්න එකියක් එක්ක ෆයිඩ් රයිස් ගිලිනව.
උඹට වදපු අම්මට රහට කන්න ටිකක් දෙන්න බැරි වුණා..
තරුණ කාලෙ එහෙම තමයි..
ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයිනෙ ඔව් වැරදි නෑ..
ඒත් පිට උන්ට ලව් කරන්න කලින්
තමන් වදපු අම්මට ලව් කරපං..
උඹ කෙල්ල එක්ක රංඩු උනාම
ඒකිගෙ මූන ලෙව කකා හුරතල් කරනව..
ඔලුවෙ අත තියල දිවුරලා පොරොන්දු දෙනව.
අහස තරම් ආදරෙයි කියනව.
මට කියපන් කවදද උඹ
තමන්ගෙ අම්මගෙ මූන ඉඹල
මගේ රත්තරං අම්මට මම ගොඩක් ආදරෙයි..
මම අම්මගෙ හැම හීනයක්ම හැබෑ කරනව කියල කිව්වෙ ?
කවදාවත් උඹ එහෙම කියල නෑ..
ඇයි උඹට අම්මගෙ රැලි වැටුන
වයසක මූන ඉඹින්න අප්පිරියද ?
පිස්සුද ?
ඒ පොඩි කාලෙ අම්මලව ඉඹින්නෙ..
දැන් ඕව කරන්න ලැජ්ජ නැද්ද ?
එතකොට දැන් ඉඹින්න ඕන කෙල්ල්ලොන්වද ?
අනේ පලයං බං යන්න..
උඹල කොල්ලොත් එක්ක
බෝතලයක් බිව්වම තමයි වීරයො.
ගෙදර උන්ට බොරු සේරම කියල
තියෙන තුට්ටු දෙකත් හොරකන් කරන්
එක්කො කෙල්ලො එක්ක ෆන් ගන්න කියල යයි,
නැත්නම් කොල්ලොත් එක්ක සෙට් වෙයි.
ඕකනෙ උඹ්ලගෙ ජීවිතේ..
උඹලගෙ ලෝකෙ වීරයො කොහෙ හරි ඉන්න
තව රස්තියාදු කාරයෙක්,
නැත්නම් බේබද්දෙක්..
මිනිහො දහ දුක් විඳල උඹලට කන්න අඳින්න දෙන,
උඹලට ෆන් ගන්න සල්ලි හොයල දෙන
උඹගෙ තාත්තව උඹට ඈණයක්..
උඹව වලට ඇදල දාන කොල්ලො සෙට් එක
උඹට බොක්කට වඩා වටිනව නේ..
අනිත් එක උඹේ ඔය ගෑණි.
හැදිච්ච කෙල්ලෙක් නම් කොච්චර ලව් කරත්
ඕවයි රිංගන්න එන්නෙ නෑ..
උන් ලව් කරන්නෙ හදවතින්..
කොල්ලට පොඩි ආතල් එකක් දීල
ඌ හිඳෙනකං නැති කරන ගෑණුන්ට කියන්න
වෙන නමක් තියෙනවා.
කට වහපං..
තව වචනයක් හරි එයාට කිව්වොත් මං තෝ මරණව.
ඇයි උඹට දුකයිද ?
උඹට මාව මරන්න බෑ.
මොකද මං උඹේ හෘද සාක්ෂිය.
උඹට තමන්ගෙ හෘද සාක්ෂියට මරන්නත් බෑ.
බොරු කරන්නත් බෑ..
තේරුම් ගනිං.ඔය වගේ කෙල්ලෙක් එක්ක
කොහොමද අවුරුදු 50 ක් 60ක් එකට ජීවත් වෙන්නෙ..
අනික උඹ මොනව කිව්වත් ඕකි නරක කෙල්ලෙක්..
තමන්ගෙ හැඟීම් දැන් පාලනය කර ගන්න බැරි නම්
කොහොමද උඹව බැන්දම පාලනය කර ගන්නෙ ?
සාර්ථක ජීවිතයක් ගෙනියන්න පූලූවන්ද
ඔහොම කෙනෙක් එක්ක?
මං දන්නෑ.
උඹ මාව පිස්සු වට්ටවනව ..
පිස්සු හැදෙන්නෙ උඹ තනි උන දවසට.
අම්ම,තාත්තට පූළුවන් කාලයක් උඹට කන්න දෙයි.
ඊට පස්සෙ කොහොමද උඹ කන්නේ ?
යාළුවො ගෙනත් දෙනවද ?
ඔය කෙල්ල හම්බ කරල දෙනවද ?
නෑ උඹට එදාට කවුරුවත් නෑ..
එදාට තනියම විඳවන්න වෙනව උඹට..
හොරකම් කරල හරි මංකොල්ල කාල හරි තමයි
ජීවත් වෙන්න වෙන්නෙ එදාට..
බල්ලෙක් වගේ පාරක මැරිල යන්න තමයි වෙන්නෙ..
දැන් වත් හැදියන්..
තාම පරක්කු නෑ..
මිනිහෙක් වෙයන්..
නියම පිරිමියෙක් වෙයන්..
උඹේ දහඩිය මහන්සියෙන් හම්බ කරල
ඒකෙන් ගෙදර මිනිස්සුන්ට බඩ පිරෙන්න
කෑම වේලක් අරන් දියන්..
එදාට මං පිලි ගන්නම් උඹ නියම පිරිමියෙක් කියල..
මං ගෙදර මිනිස්සු ගැන හිතන්නෑ කියලද උඹ කියන්නෙ ? කොල්ලෙක් අම්ම මතක් කරල කුණුහර්පයක් කිව්වම
ඌත් එක්ක මරා ගන්න එකට නෙවෙයි කැක්කුම කියන්නෙ..
උඹ එයාටල ඇත්තටම ආදරේ නම් ඒක ඔප්පු කරපං..
නැත්තන් උඹේ අම්ම තාත්ත මැරුණම
පාංසුකූලෙ දෙන්නවත් උඹට බැරිවෙයි..
ඇති..
ඇති..
දැන් හොඳටම ඇති..
නවත්තපං ඕක
මම බිත්තියෙ එල්ලල තිබුන කණ්නාඩිය
ගලවල අරං පොළවෙ ගැහුව..
ඒක පොඩි පොඩි කෑලිවලට කැඩුණ..
ඒ අතරින් මගේ රූපයත් බොඳ වෙලා පෙනුන..
මොකක්ද පුතේ බිඳුනේ ?
හා කණ්නාඩිය කුඩු වෙලා නේ ද ?
ඉන්න මං අස් කරන්නම්.
පුතා දැන් යන්න,
පරක්කුත් වෙලානෙ.
මෙන්න බත් එක අම්ම බිඳුන කණ්නාඩියෙ කෑලි ඇහිදීනව..
ඒ අතරෙ මගේ ෆෝන් එකත් රිංග් වෙනව..
මං ෆෝන් එක ඕෆ් කරා..
අම්මෙ මගේ ඔළුව රිදෙනව.
අද යන්න බෑ..

ආදරය

වයස අවුරුදු 80ක් වන මහලු මිනිසෙක්
ඔහුගේ පුතාගේ නිවසේ උද්යානයේ වූ බංකුවක් මත
වාඩි වී සිටියා. වයස අවුරුදු 45ක් වන හොදින් ඉගෙන
ගෙන ඉහල පෙලේ රැකියාවක් කරන ඔහුගේ පුතාත්
පසෙකින් වාඩි වී සිටියා. හදිසියේම පැමිනි කපුටෙකු
නිවසේ ජනේලයක් මත වැහුවා.
මහලු තාත්තා පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද"
කියලා... පුතා පිලිතුරු දුන්නා "ඒ කපුටෙක්" කියලා...
මිනිත්තු කීපයකින් තාත්තා ආයෙත් පුතාගෙන්
ඇහුවා "ඒ මොකෙක්ද" කියලා... "ඇයි මේ"
පුතා පිලිතුරු දුන්නා "මම දැන් ටිකකට කලින් කිව්වේ ඒ
ඉන්නේ කපුටෙක්" තව මිනිත්තු කීපයකින්
තාත්තා ආයෙත් පුතාගෙන් අහුවා "ඒ මොකෙක්ද"
කියලා තුන් වෙනි පාරටත්... මේ සැරේ පුතාට
තරහා ගියා..පුතා මෙහෙම කිව්වා "මොකද මේ?
මම දැන් කී පාරක් කිව්වද? ඒ ඉන්නේ කපුටෙක්!
කපුටෙක්!!"
තව මිනිත්තු කීපයකින් තාත්තා හතර වෙනි පාරටත්
පුතාගෙන් "ඒ මොකෙක්ද" කියලා ඇහුවා...
මේ පාර නම් පුතාට හොදටම
තරහා ගියා...පුතා තරහෙන් මෙහෙම
කෑ ගැහුවා "මොකද වෙලා තියෙන්නේ? කියන
දෙයක් තේරෙන්නේ නැද්ද? ඒ ඉන්නේ කපුටෙක්
බව මම කී පාරක් කිව්වද? ඇයි එකම ප්රශ්ණේ මගෙන්
දිගටම අහන්නේ" කියලා... ටික වෙලාවකින්
තාත්තා නිවස ඇතුලට ගිහින් ගොඩක් පරණ රැලි
ගැහුන දිණ පොතක් ගෙනාවා...
දිණ පොතේ එක පිටුවක් පෙරලපු තාත්තා ඒක පුතාට
දීලා හයියෙන් කියවන්න කිව්වා..
දිණ පොතේ මෙහෙම ලියලා තිබුනා.
"අද මම මගේ වයස අවුරුදු 3ක් වෙන පොඩි පුතා එක්ක
බංකුවේ වාඩි වෙලා හිටියා ඒ වෙලාවේ ආපු
කපුටෙක් ගෙදර ඉස්සරහා ජනේලේ වැහුවා...ඒක
දැකපු මගේ පුතා 23 පාරක් ඒ මොකෙක්ද
තාත්තේ කියලා මගෙන් ඇහුවා...ඒ අහපු හැම
පාරම ඒ කපුටෙක් කියලා මගේ පුතාට මම
කිව්වා...ඒ උත්තර දුන්න හැම වතාවෙම මම
මගේ පුතාව ආදරෙන් තුරුල් කර ගත්තා"
ගොඩක් හැගීම්බර වුන පුතා හඩමින් තාත්තාව
ආදරෙන් බදා ගත්තා...
තාත්තලගේ ආදරය මේ වගේ...

මුද්ද

 


මුද්ද

කොන්ඩේ සුදු වෙච්ච නාකි පොරක් එක සිකුරාදා දවසක හවස හතහමාරට විතර ජුවලරි
ෂොප් එකකට ගොඩ වැදුනලු.මෑන්ස් ආවේ තනියෙම නෙවෙයි, තරුණ ලස්සන කෙල්ලෙකුත්
අතින් අල්ලන්. මිනිහට ඕනේ උනා මේ කෙල්ලට ලස්සන මුද්දක් අරන් දෙන්න.

“අරන් එන්න බලන්න ඔයාලා ළඟ තියෙන ස්පෙෂල් මුද්දක්. මට ගන්න ඕනේ එකක්!”
නාකි අංකල් සාප්පුවේ ලොක්කට කිව්වා. වචනේ ගැලවිච්ච ගමන්ම සාප්පුවේ මෑන්
ගිහින් උස්සන් ආවා එළට් මුද්දක්. ගාණ ගහලා තියෙනවා ලක්ෂ 10ක් කියලා. නාකි
මෑන්ස්ගේ මූණ අඳුරු උනා.

“මං හිතන්නේ ඔහේට තේරෙන්නේ නෑ ස්පෙෂල් කියන වචනේ තේරුම? මීට වඩා හොඳ
මුද්දක් නැද්ද? අංකල් සද්දේ දාලා ඇහුවා. ඒ පාර සාප්පුවේ මෑන් නැගිටලා
ගිහිල්ලා ගෙනාවා සුපිරි මුද්දක්,
“මෙන්න සර්, මේක නම් අති විශිෂ්ඨයි. මේකේ ගාණ ලක්ෂ 50ක්.”

මුද්දේ ලස්සනට වඩා ගාණ ගැන කෙල්ල ගොඩක් කැළඹුනා. කෙල්ලව වෙව්ලන්නත්
ගත්තා. නාකි මෑන්ස් නෙවෙයි සැලුනේ, “මම මේ මුද්ද ගන්නවා!” පොර ස්ථීරවම
කිව්වා.

“සර් කොහොමද පේමන්ට් එක කරන්නේ? කෑෂ්ද, ක්‍රෙඩිට් කාඩ් එකෙන්ද එහෙම
නැත්නම් චෙක් එකකින්ද?” සාප්පු කාරයා ඇහුවා.
“මං චෙක් එකකින් ගෙවන්නම්. ඒත් ඔහේට සැකයි වගේ නේද? කමක් නෑ. මං දැන්
චෙක් එක ඔහෙට දීලා යනවා. ඔහේ සඳුදා උදේට බෑන්ක් එකට කතාකරලා කන්ෆර්ම්
කරගෙන මට කෝල් එකක් දෙනවකෝ. එතකොට මං සඳුදා උදේට ඇවිත් මේ මුද්ද අරන්
යන්නම්.” එහෙම කියපු නාකි මෑන් කබායෙන් චෙක් පොත අරන් එවෙලෙම රුපියල්
ලක්ෂ පනහකට චෙක් එකක් ලියලා සාප්පුවේ ලොක්කට දුන්නා.ඊට පස්සේ කෙල්ලගේ
අතින් අල්ලන් බොහොම උජාරුවෙන් සාප්පුවෙන් පිටත් උනා. කෙල්ලත් ආවට වඩා
ආදරෙන් නාකි මෑන්ගේ අතේ එල්ලිලා ගියා.

සඳුදා උදේ ටිකක් අප්සෙට් මූඩ් එකෙන් ජුවලරි ෂොප් එකේ ලොක්කා නාකි මෑන්ස්ට
කෝල් එකක් ගත්තා, “සර්, හරි වැඩේනේ. බැංකුවෙන් ඇහුවම කියනවා සර්ගේ
එකවුන්ට් එකේ සල්ලි නෑ කියලා. දැන් මොකද කරන්නේ?”

“මම දන්නවා!” නාකි මෑන් අර නොසැලෙන ස්වරයෙන් කිව්වා,

” ඒ උනාට තමුසේ හිතලා බලනවකෝ ඒ චෙක් එක හින්දා මං සති අන්තේ කොයි තරම්
ආතල් එකක් ගන්න ඇතිද කියලා!”

පිළිසිඳගැනීම

පිළිසිඳගැනීම




යහනේ එහා පැත්තේ නිදා සිටින තම ස්වාමියා දෙස ඈ මදක් වේලා බලා සිටියා ය.

තම සිව් අවුරුදු ප්‍රේම සම්බන්ධතාවයෙන් පසු කසාදයකින් එක් වුනු ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය හැල හැප්පීමෙන් තොර වූ සාමකාමී එකක් බව ඈට මතකය. එක සමාන පවුල් පසුබිම් වලින් පැමිණි ඔවුන් තම වරිගයාගේ ආශිර්වාදය මැද දීග ගිය හැටි, ඔහු තම කෙසඟ සිරුර වටා නිළමේ ඇඳුමේ රෙදි යාර ගණනක් ඔතාගෙන අපහසු සිනාවෙන් සිටි හැටි, ඇය මාල තොගයක බර දරාගෙන ඔහු හා ලැජ්ජාවෙන් සිනා වූ හැටි ඈට මතකය.

වෙහෙසකර වූ මංගල රාත්‍රිය, පසුදින තම නව ස්වාමියා/ආදරවන්තයාගේ සියුම් ආඩම්බරයක් මුසුවූ ආදරබර බැල්ම ඇයට මතකය. එදින සිට කෙතරම් දේවල් වෙනස් වූවාද කියා ඈට සිතා ගන්නට වත් නොහැකිය. 

ආදරවන්තයන් වූ කාලයේ වල් පල් කියවමින් දැවටි දැවටී සිටි ඔවුන් දැන් එදිනෙදා වැඩ වලින් හෙම්බත් වී ගෙදර පැමිණෙනුයේ මොකක් හෝ යමක් කා බී නිදාගන්නටය. 

එදා සිටි ආදරවන්තයා ඔහු කෙරෙන් පලා ගොස් ය. දැන් ඇය හා යහන් ගතවනූයේ නටබුන් වූ ආදරවන්තයෙකි, ඔහුට වෙහෙසය, ඉක්මනින් කිපෙන සුළුය, සෑම සියළු දෙයකටම උදාසීනය.

 පව්! 

ඈට සිතේ. ඔහු වෙහෙසෙන්නේ ඔහු සඳහාම පමණක් නොව 'අප' ගොඩ නැඟීමටය.

නමුත් 'අප' යන එකකය හට බාහිර පෙළඹවීම් වල නිමක් නැත. නැන්දම්මාට දරුවෙක් ඕනෑකර තිබේ. ඇගේ එකම අරමුණ ඔහුගේ මුහුණුවර ඇති දරුවකු සුරතල් කරන්නට ය. දුවෙක් නන් වඩා හොඳයි ලු. ඒ ඔහුගේ පවුලේ කොල්ලන් වැඩි නිසාලු. 

ඉල්ලුමට දරුවෙකු සපයනවා තියා ඔයාගේ පුතාට ගෙදර වැඩක් කරන්නවත් වෙලාවක් නෑ කියන්න ඈ හට කියන්න සිතුනත් තම ස්වාමියාගේ 'කාඩ්' කුඩු කරන්නට ඇයට නොසිතෙන්නේ ඔහුගෙන් ඈ හට කිසිදු වරදක් මේ වන තෙක් සිදු නොවී ඇති හෙයිනි.

ඔහු තාමත් නින්දේ ය...

ඔහුගේ අතරින් පතර මතුවී ඇති සුදු කෙස් එක දෙක, ඔවුන් තව දුරටත් විසි ගණන් වල පසුවන ජෝඩුවක් බව ඈට මතක් කර දෙන්නේ එක්තරා සුළු තිගැස්මක්ද සමඟිනි.

 නමුත් ඔවුන් මේ වනතුරු දින ගණන් කොට, වෙලාව බල, සියළු වෙද උපදෙස් අනුගමනය කර දරුවෙකු කුසට වඩම්මවා ගන්නට තැත් කරත්, ඒ සියල්ල ගඟට කැපූ ඉනිමේන් වූයේ ඇයි දැයි ඈ නොයෙක් වර පසු තැවුනාය.


ඒක ඕනෑ වෙලාවට වෙයි, ඔයා නිකන් කලබල වෙලා... හිතන්න එපා ඒ ගැන ඔහු මට පවසන්නේ මා සනසන අටියෙන්ද නැතහොත් තමාවම සනසා ගන්න අටියෙන් ද කියා ඈට සැකය. 

කාමරයේ එල්ලා ඇති දින කැපූ කැලැන්ඩරයේ රතු රවුමක් ඇඳපු දිනයට තව දවස් කිහිපයක් ඉතිරිව ඇති සෙයකි.

මේ.... පොඩ්ඩක් නැඟිටින්නකෝ... 

අද සෙනසුරාදා නේ... ඇයි මාව කලින් නැඟිට්ටවන්නේ? මහන්සියි අනේ පොඩ්ඩක් නිදා ගන්න දෙනවකෝ... ඔහු අඳෝනා නඟයි.

ඔහොම ගියොත් ළමයි හදයි! මේ අර දවසට තව දවස් ටිකක් තියෙනවා, ට්‍රයි කරමුද? 

හ්ම්... ඔහු තාම අඩ නින්දේය. 

"මෙහෙම ගියොත් අපිට අම්මාගෙන් කනක් ඇහෙන්න නැතිවෙනවා... මට ඔෆිස් එකේ යාළුවෙක් කිව්වා ළමයි හම්බ වෙනනැති අයට හොඳ දේවාලයක් තියෙනවාලු. එකේ බාරයක් වුනාම හරි ලු."

"මොන දේවාලද අනේ මේ උදේ පාන්දර? ඊයේ හවස් වෙනකන් මීටින් තියල ලොක්කෝ මගෙ ඔළුව කන්වා, උදේට ඔයා මගේ ඔළුව කනවා... පොඩ්ඩක් එන්න අපි ටිකක් නිදා ගමුකෝ..."

ඈට ඔහුගේ උදාසීනත්වය ගැන සියුම් තරහාවක් ඇතිවනූයේ, කරදරය ඇත්තේ ඔහුගේ ම මවගෙන් නිසා ය. 

"ඔයා නන් මාර මිනිහෙක්... ඔයා ට බැරි නන් කියන්න මම ගිහින් අර දේවාලේ පූසාරිට කියලාවත් ළමයෙක් හදාගෙන ඔයාගේ අම්මාගේ ඔඩොක්කුවට ගෙනත් දාන්නන්. ඔයා ඔහොම ම නිදා ගෙන ඉන්න."

ඈ ඇඳෙන් නැඟිට ඉවත්ව ගියා ය.

රාත්‍රී ආහාරය....

රාත්‍රී ආහාරය....



"ඔයාට කිව්වා ට තෙරෙන්නේ නෑ...."

හවස වැඩ ඇරිලා ගෙදර ආව ගමන් පටන් ගන්න දෙබසේ තීරණාත්මක වදන් කිහිපය ඔහු ගේ මුවින් නික්මිණි.

" ඔව් ඔයා විතරනේ වැඩ කරන්නේ, මමත් රස්සාවක් කරලා තමයි ගෙදර එන්නේ, ඒ වුනත් මම රස්සාවේ ප්‍රශ්න ඔයාගේ ඔළුව උඩට හලන්නේ නෑ නේ.. මොනවා හරි ගේන්න කිව්වා ම අමතක වෙන්න තරම් මොකද්ද තියෙන ප්‍රශ්න හැබෑට ම... හැම වෙලේම ඔෆිස් ප්‍රශ්න, ටෙලිෆෝන් කෝල්ස් ඉවරයක් නෑ, ඔය ඔෆිෆ් එකේ ඔයා විතර ද හැබෑ ට වැඩ කරන්නේ? "

ඇගේ චෝදනා වල නිමක් නැත. ඔෆිස් එකේ තිබ්බ මීටින් එකේ දී කන පිරෙන්න අහගෙන ගෙදර එන්නේ කොයි වෙලාවෙද කියල හිත හිත හිටිය මට ඈ ගේන්න කියපු දේවල් මතක නැතිවීම ඒ හැටි කලබගෑනියක් ඇති කරන්න තරම් හේතුවක් නෙමෙයි නේ??

ඔහුට සිතේ.

ඔයාගෙ ඔෆිස් එකේ වගේ නෙවේ අපේ එක. පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරන්න...  ඔහු ආයාචනා කරයි.

"ඔව් ඔයා තමා ලෝකෙ ලොකුම රස්සාව කරන්නේ අපි කරන රස්සාවල් වැඩකට නැති ඒවානේ? ඇය ඔහුගේ ඇඟට කඩා පනි. "

"ඕනේ මඟුලක්, මට මහන්සි! මට රෑ කෑම එපා... ඔහු දිනුම රැගෙන සිරුර මෙන්ම සිතද සැහැල්ලු කර ගැන්මට නාන කාමරය වෙත පිය නඟයි."

ඇයගේ සැර ටිකක් බාල වූ සැටියකි. තමා ඔහු හා වාද වූයේ තමාගේ සිතේ ඇති වෙහෙස හා තරහාවන් පිටකිරීම ට බව ඇය හොඳාකාරව ම දන්නීය.

උදේ සිට කමකට නැති කළමණාකරුවෙකු හා වැඩක් කරගැනීමට නොදත් සුළු සේවකයන් සමඟ හෙට්ටු වී ගෙදර පැමිණෙන ඇයට තම සැමියා ගේ නොසැලකිල්ල රතු කට්ට පැනීමට හේතුවක් විය.

ඔහු ගැන ඇය හොඳාකාරව ම දන්නීය. තමා ගේ ආත්ම ගෞරවයය රැක ගැනීමට ඔහු කුසගින්නේ හෝ නින්දට යන්නෙකි. නමුත් ඈ හට එය වනු දැරිය නොහැක්කකි. කෙසේ හෝ ඔහු ඇය ගැන සොයා බලන බව ඈ දන්නීය.

මම කෑ ගහපු එක හරි නෑ, පව්! එයත් මහන්සි වෙලා නෙ එන්නේ... ඔහු ජල කරාමය වසන ගමන් කල්පනා කලේය. බඩු ගේන්න අමතක වෙච්ච එක මගේ වැරැද්ද.. ඒ වුනත් ඕක මහ ලොකු දෙයක් කරගෙන කෑ ගහන්න ඕනේ නෑ නෙ.

කවදාවත් මම දෙයක් කියන කන් ඉන්නෙ නෑ, ඔක්කොම තනියම හිතාගෙන මහා කලබලයක් කරනවා... කොච්චර කිව්වත් ඒක නවත්වන්නේ නෑ...

ඔහු සරමක් දවටා ගෙන යලි කෑම කාමරය වෙත පිවිසුනේ ය.

"සොරි.. මම ටිකක් ඉක්මන් උනා.. "ඔහු පවසයි.

"අද හවස මීටින් එකේ ගොඩක් ප්‍රශ්න තිබ්බා... මට ඒකෙන් ඔක්කොම දේවල් අමතක උනා... ඊළඟ දවසේ රිමයින්ඩර් එකක් වත් දා ගෙන ඉන්න ඕනේ...."

"නෑ කමක් නෑ... මගෙත් වැරැද්ද මම කෝල් කරලා මතක් කරේ නෑ....  මම දන්නවා ඔයාට ගොඩක් වැඩ මේ දවස් වල... ඊළඟ පාර මම කෝල් කරලා බලන්නන්... සොරි..."

"ඉන්න, මම කෑම බෙදලා දෙන්නන්....ඔයා කෑම කනවා නේද??"

" හ්ම්.... "

වෙඩින් Talk...

වෙඩින් Talk...
ඇයි දන්නේ නෑ ගෝල් ෆේස් හොටෙල් එකේ ගත්තේ, සිනමන් ග්‍රෑන්ඩ් ගන්න තිබ්බේ! රිසර්ව් කරගන්න බැරි වෙන්න ඇති..

කව්ද ඩ්‍රෙස් කරල තියෙන්නේ? අහ්! රමණි ද? බ්‍රයිඩ් ගේ මේකප් එක එච්චර හරි නෑ නේද? අයියෝ තෝරගෙන තියෙන පාටවල් ටික, රෝසයි සුදුයි.. හරිම කැතයි... 

සාරිය නන් ලාබ එකක් වගේ... මනමාලයාගේ හැටි බලන්නකෝ...

සරසලා මදි වගේ නේ.. කවුද දන්නේ නෑ මල් කරේ? 

මේ වෙල්කම් ඩ්‍රින්ක් එක අමුතු රහයි...

හ්ම්... මනමාලිගේ අම්මා බලන්නකෝ, මේකප් වැඩී නේද?

දන්නේ නැති කෙනෙක් නේ ෆොටෝස් ගන්නේ! ෆොටෝස් ටික හරි නැති වෙයි...

අයියෝ! බෑන්ඩ් එක හරි සද්දයි! මේරියන්ස්ලා ව ගෙන්න තිබ්බේ..

වෙඩින් කේක් එක හරි පොඩි නේ... කෑමත් පරක්කුයි...

කෑම හරි නෑ නේ. මම නන් පොඩ්ඩයි කෑවේ. 

සවුත්තු අයිටම්ස් වගයක් නේ තිබ්බේ, අපි ගිය වෙන වෙඩින් එකක ලස්සන නැටුම් වගයක් තිබ්බා

කපල් ඩාන්ස් එක බලන්නකෝ දෙන්නට හරියට නටන්නත් බෑ...

දෙන්නාට යන්න තියෙන වාහනේ බලන්නකො...

සවුත්තු වෙඩින් එකක්...